චීස් කේක් (Cheese Cake)
චීස් කේක්
උවමනා ද්‍රව්‍ය
* චීස් ග්‍රෑම් 225
* බටර් ග්‍රෑම් 30
* සිනි ග්‍රෑම් 30
* පිටි ග්‍රෑම් 30
* සුල්තාන (මුදරස් පාලම් ) ග්‍රෑම් 30
* දෙහි ඇඹුල් ස්වල්පයක්
* බිත්තර 1
සාදන ක්‍රමය.
බටර් සහ සිනි එකට ගසා ගන්න.බිත්තර කහ මදය, පිටි, කුඩාවට කපන ලද චීස්
ද මුදරස් පාලම් එයටම කවලම් කරගන්න.සියල්ල එකට හොඳින් අනන්න .දැන් දෙහි
ඇඹුල් ටිකක් එකතු කරගන්න. හොදින් ගසාගත් බිත්තර සුදු මදයද එයටම එකතු කර
ගන්න. කුඩා තැටි වලට පුරවා ගෙන පොරනුවේ තම්ම්බා ගන්න .රසවත් කේක් වර්ගයකි.කාල බලන්න .
චොක්ලට් ලේයර් කේක්
උවමනා ද්‍රව්‍ය.
* පිටි ග්‍රෑම් 112
* කුඩු ග්‍රෑම් 112
* තේ හැඳි 1
* පිටි සීනි ග්‍රෑම් 225
* බිත්තර 06
* වැනිලා සහ එසෙන්ස් තේ හැඳි 2.
* (බටර් මේස හැඳි 1ක් සහ පිටි සිනි හැඳි 3 පිරවීම සඳහා )
සාදන ක්‍රමය
බිත්තර කහමද සහ සිනි එකට තට්ටු කර පසුව චොක්ලට් සහ එසෙන්ස් මිශ්‍ර කර තවත් විනාඩි කිහිපයක් තට්‌ටු කරන්න. සුදු මදද පෙන නගින තුරු වෙනම තට්ටු කරන්න. ඉන් ස්වල්පයක් හා පිටි ස්වල්පයක් බැගින් අවසන් වන තුරු පළමු මිශ්‍රණයට එකතු කරන්න. දැන් බේකින්ග් පවුඩර් ද මිශ්‍ර කරන්න. දැන් අවන් එකේ තම්බා ගන්න. පසුව පොරනුවෙන් ගෙන කේක් එක එහි උසේ ප්‍රමාණයට අනුව පෙති 3 කට හෝ 4 කට කපන්න.
පුරවන ද්‍රව්‍ය මිශ්‍රණය එක එක පෙත්තේ අතුරා නැවත තිබුන පරිදිම එකමත එක තියන්න. දැන් කේක් එක වටේටම චොක්ලට් අයිසින් අලේප කර අලංකාර කරගන්න.
මිශ්‍ර කිරීමේදී බටර් සහ සිනි එකට තට්ටු කර වැනිලා සහ කොච්ච් නිල් යොදා වර්ණ කර ගන්න.
චොක්ලට් අයිසින් සාදාගන්න උවමනා ද්‍රව්‍ය
* අයිසින් සිනි ග්‍රෑම් 225
* රෝස වතුර, වැනිලා තේ හැඳි 1/2
* චොක්ලට් කුඩු අවුන්ස 2
* වතූර මේස හැඳි 2
REG<SPACE>cookerypanthiya Send to 77008