Friday, April 3, 2015

සිංහල අළුත් අවූරුද්ද

සිංහල අළුත්  අවූරුද්දට අපි කිරි බත් හදමු .

උවමනා ද්‍රව්‍ය .
සුදු කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 01.
පොල් කිරි  (මිටි කිරි) කෝප්ප 03.
වතුර මැද  ඇඟිල්ලේ මැද පුරුක ප්‍රමානයට . රයිස් කුකර් එකෙන් නම් නියමිත ගණනට .
ලුණු ස්වල්පයක් .

සාදන ක්‍රමය .
හාල්  සෝදා ගරා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා  බත පිස ගන්න .ඉන් පසුව මිටිකිරි වලට ලුණු දමා  හොඳින් කවලම් කර ගන්න. දැන් බත් මුට්ටිය වසා   ලිප මත ටික වෙලාවක්  තබන්න .දැන් කිරි බත ලිපෙන් බා  සුදුසු පරිදි ලොකු බත් දීසියක දමා  කෙසෙල් කොළයකින් හොඳින් තුනිහි කර කැමති දෙයක් සමග කෑමට ගන්න
.

පැණි වළලු හදමු
 
උවමනා ද්‍රව්‍ය.
 උදුපිටි  ග්‍රෑම් 750.
 හාල් පිටි ග්‍රෑම් 250.
 ඉතා හොඳ කිතුල් පැණි කෝප්ප 03.
 ලුණු තේ හැඳි 01. (අවශ්‍ය පමණට).
 මිටි කිරි කෝප්ප 1/1/2
 පොල්තෙල් උවමනා තරමට 
 කුඩා සිදුරක් සදා ගත් රෙදි කැබැල්ලක්  (ගොරෝසු රෙදි      කැබැල්ලක් ). නැතිනම් ඉන්දිඅප්ප වන්ගේඩියේ තහඩුව       වෙනුවට සිදුරක් සදා ගත්  තහඩුවක් සදා ගන්න. 
සාදන ක්‍රමය .
 සහල් පිටි සහ උඳු පිටි මිටිකිරි සමග ලුණු දමා මිශ්‍ර කර ගන්න. 
අතේ ඇලෙන්නේ නැත්නම් පදම හරි .මේ මිශ්‍රණය පැය  6 ක් පමණ පිපෙන්න තබන්න.ඉදිඅප්ප  වන්ගේඩියෙන් වැක්කෙරෙන ගානට මිශ්‍රණය පොල් කිරි දමා සකස් කර ගන්න. දැන් ඔබේ තෙල් තාච්චිය රත් වෙලානම්
ඉන්දිඅප්ප  වන්ගේඩියෙන්  මිශ්‍රණය කෙලින්ම තාච්චියට  වක්කර ගන්න. මෙසේ තාච්චියට වක්කරන විට වළල්ලක හැඩයට වක්කරන්න මතක තබා ගන්න. .වෙනත් බාජනයක උණු කරගත් පැණි සමග බැදගත් වළලු හොඳින් කවලම් කර ගන්න .දැන් ඔබ සදාගත් පැණි වළලු අමුත්තන්ට පිළිගන්වන්න.

.


 
                                                                                                              



No comments:

Post a Comment