අයිසිං .
පසුගිය සතියේ මම කියුවා අයිසිං හදන හැටි උගන්නනවා කියල .අද අපි ඒ පාඩම බලමු.අද අපි හදන්නේ බටර් අයිසිං.
උවමනා ද්‍රව්‍ය
අයිසිං සිනි ග්‍රෑම් 225.
බටර් ග්‍රෑම් 225.
වර්ණ කාරක සහ රස කාරක .
පළමුවෙන්ම
අයිසිං පෙනේරයකින් හොදින් හලා ගන්න.අයිසිං සීනි සහ බටර් එකටම දමා
තරමක් ගනකමට එනතෙක් තට්ටු කරන්න .දැන් රස කාරක සහ වර්ණ කාරක කවලම් කරගන්න.
දැන් ඔබේ බටර් අයිසිං ඉතා හොදට සකස්වෙලා තියෙනවා නේද.
අද පදමටම මම ඔයාලට චොක්ලට් අයිසිං හදන විදියත් මම කියල දෙන්නම්.
චොක්ලට් අයිසිං.
උවමනා ද්‍රව්‍ය .
අයිසිං සිනි ග්‍රෑම් 225.
චොක්ලට් කුඩු අවුන්ස 02.
වැනිලා ස්පිරිත්තු තේ හැඳි 01.
වතුර මේස හැඳි 02.
බටර් මේස හැඳි 02.
සාදන ක්‍රමය .
චොක්ලට්
කුඩු අවුන්ස 02. සමග අයිසිං සිනි ග්‍රෑම් 225. එකට පෙනේරයෙන් හල
ගන්න.දැන් අනෙකුට් සියලුම ද්‍රව්‍ය එකට ටලපයක් සේ මිශ්‍ර කරගන්න.දැන් ඔබේ
චොක්ලට් අයිසිං හොදහැටි සකස් වෙලා නේද .
No comments:
Post a Comment