Friday, March 20, 2015

Wedding Cake

වෙඩින්  කේක්

උවමනා  ද්‍රව්‍ය .

රුලන්  ග්‍රෑම්  900.
සීනි     ග්‍රෑම් 1800.
මුදරස්පලම්  ග්‍රෑම් 900
කරන්ට්ස්  ග්‍රෑම් 450.වෙඩින්  කේක්
උවමනා  ද්‍රව්‍ය .
රුලන්  ග්‍රෑම්  900.
සීනි     ග්‍රෑම් 1800.
මුදරස්පලම්  ග්‍රෑම් 900
කරන්ට්ස්  ග්‍රෑම් 450.
චෙරි දෝසි ග්‍රෑම් 450.
චෞ චෞ ග්‍රෑම්  450.
රට කොට්ටන්  ග්‍රෑම් 450.
පිටි ග්‍රෑම් 225.
බටර්  ග්‍රෑම් 900.
සුල්තානා ග්‍රෑම් 900.
ඉඟුරු දෝසි ග්‍රෑම් 900.
පුහුල් දෝසි  ග්‍රෑම්  450.
බිත්තර  කහමද  50.
කැන්ඩිඩ්  පීල්  (මිශ්‍ර  ලෙලි ) දෝසි  ග්‍රෑම් 450.
බිත්තර සුදු මද  25.  
බ්‍රැන්ඩි ,රෝස වතුර කවලමට එකම ප්‍රමාණයෙන් වයින් වීදුරු එකක ප්‍රමාණය .
වැනිලා සහ රට කොට්ටන් ස්ප්රිට් එකම වර්ගයෙන් මේස හැඳී 2 ක් .
කරද මුන්ගු  සහ කුරුදු කුඩු මේස හැදී 1 බැගින් .
කරාබු නැටි කුඩු තේ හැඳි 1/2 .
සාදික්කා  ගෙඩියක සුරගත් කුඩු .
ආමන්ඩ්  සහ රෝයල් අයිසින් .
සාදන ක්‍රමය ,
ගෙඩි වර්ග  පිරිසිදු කරගන්න  ඉන් පසුව කුඩා කැබලි වලට කපා  ගන්න අනෙක් සියල්ල ද (දෝසි වර්ග ) කුඩා කැබලි වලට කපා   ගන්න.කජු මද සිහින්ව කපා  ගන්න . දැන් මේ සියල්ල පිටි සමග එකට මිශ්‍ර කරගන්න.බටර් සහ සීනි  වෙනමම බාජනයක උකු වෙනතුරු තට්ටු  කරන්න.දැන් බිත්තර කහමද එක බැගින් එයට දමමින් තට්ටු කරන්න.බිත්තර 50 අවසන් උනාට පසු රුලන්, කපාගත් ගෙඩි වර්ග සහ අනෙක් සියලුම ද්‍රව්‍ය ද කවලම් කර ගන්න.දැන් ඔබ ලග ඉතිරිව තිබෙන්නේ බ්‍රැන්ඩි,රෝස වතුර  සහ මී පැණි පමණි .එම වර්ග ද මෙයටම කවලම් කර පෙන නගින තෙක් තට්ටු  කර අවසානයේ බිත්තර සුදුමද 25 එකතු කර නැවත ටික වෙලාවක් තට්ටු කරන්න.දැන් ඔබේ වෙඩින්  කේක්  එක පෝරණුවට දමා හොදින් තම්බා  ගන්න .වඩාත් රස වත්  කේක්  සදහා සති 3 කට කලින් සදා ගන්න .මෙම වට්ටෝරුව අත්හදා  බලන්න .

ඔබට හොද ලාබ  ලබන්න  පුළුවන් .ලබන සතියේ අයිසින් හදන හැටි කියල දෙන්නම් .

No comments:

Post a Comment