Monday, March 2, 2015

Lemon layer cake


ලෙමන් ලේයර් කේක්
ඉතා පහසුවෙන් සාදාගත හැකි රසවත් කේක් වර්ගයකි .
උවමනා ද්‍රව්‍ය .
* බිත්තර  8ක්  ගන්න.
* බිත්තර වල බරටම සීනි  කිරා  ගන්න .
* බිත්තර හතරක බරට පිටි කිරා  ගන්න .
* බේකින් පවූඩර් තේ හැදී  3/4 ක් ගන්න .
* දෙහි යුෂ  හෝ  එසන්ස්
* වොටර්  අයිසින් .

*පුරවන මිශ්‍රණය සදහා ,
බටර්  මේස හැදී 1 ක් ,  අයිසින්  සිනි මේස හැදී 3 ක් , සහ දෙහි යුෂ  හෝ  ලෙමන්  එසන්ස් .
*සාදන ක්‍රමය
බිත්තර කහමද සහ සීනි  විනාඩි කිහිපයක් තට්ටු කරන්න.සුදු මදයද හොදට පෙන එනතුරු හොදින් තට්ටූ  කරන්න .පිටි සහ සිනි ද බෙකින් පවූඩර්   පෙනේරයෙන් හලාගෙන මේ සියල්ල කහමද මිශ්‍රණයට ටික ටික මිශ්‍ර කරගන්න .ඊට පසුව දෙහි ලෙලි කුඩා කැබලි ටික ද මිශ්‍ර කරගන්න .දැන් මේ සියල්ල කේක්  තැටියට දමා පොරනුවේ තම්බා ගන්න.කුඩා  කේක් තැටියක් නම් .වඩාත් හොදයි .
කේක්  එක දැන් නිවෙන්න හරින්න .පසුව උස ප්‍රමාණය අනුව කේක්  එක පෙති තුන කට හෝ හතරකට කපාගන්න.එසේ කපා ගත් කේක්  පෙති වල පුරවන මිශ්‍රණය ආලේප කරන්න .දැන් එම කේක්  පෙති නැවත  එකඋඩ   එකතබා වොටර් අයිසිං  වලින් අලේප කරන්න.
*පුරවන මිශ්‍රණය සාධන ක්‍රමය
බටර් සහ සිනි කවලම් කර රස කාරක එකතු කර අලේප කරන්න.
දැන් හරිම රස ලෙමන් ලේයර් කේක්  එකක් ඔබගේ අමුත්තන් සමග රස විදින්න.
 *ලබන සතියෙත් වටිනා වට්ටෝරුවක් ඔබට ලබා දෙන්නම්. ඔබගේ මිතුරන් දනුවත් කරන්න.
*සෑම  ඉරිදා  දිනකම අපි එනවා .

No comments:

Post a Comment