Monday, March 9, 2015
Swiss Roll
ස්විස් රෝල්
උවමනා ද්‍රව්‍ය
බිත්තර 4
සීනි ග්‍රෑම් 115.
ඇමරිකන් පිටි ග්‍රෑම් 115.
බෙකින්ග් පව්ඩර් තේ හැඳි 1/2.
රාස්බෙරි ජැම්. තේ හැඳි 2.
සාදන ක්‍රමය
සීනි සහ බිත්තර කහමද පෙන නගින තෙක් හොදින් තට්ටු කරන්න .ඉන් පසු පිටි සහ තට්ටු කරගත් බිත්තර සුදු මද හොඳින් කවලම් කරගන්න. පසුව පැතිලි තැටියක මෙම මිශ්‍රණය අගල් බාගයක් පමණ ගනකම තරමට තුනිහි කර ගන්න .
තුනිහි කරන්නට පළමුවෙන් බෙකින් පවූඩර් මිශ්‍ර කරගන්න. උණුසුම් පෝරණුවක තම්බා ගන්න. යන්තම් දුබුරු වර්ණය වෙනවිට පොරනුවෙන් ඉවතට ගන්න. වටේට තිබෙන වාටි කපාගෙන කේක් එක හැඩ කරගන්න. දැන් කේක් එකේ මතුපිට හොඳින් ජෑම් අලේප කරගන්න. උණුසුම්ව තිබියදීම කේක් එක හොදින් රෝල් කරගන්න .ඔබට කැමති ජෑම් වර්ගයක් ආලේප කරගන්න .ලබන සතියෙත් අපි එනවා ඔබගේ නිවසට .කඩෙන් කේක් ගන්නේ මොනවටද .අපගේ වෙබ් පිටුව ඔබ වෙනුවෙන්
හැමදාම සුදානම් .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment