Friday, March 27, 2015

Icing

අයිසිං .  
පසුගිය සතියේ මම කියුවා අයිසිං  හදන හැටි උගන්නනවා කියල .අද අපි ඒ පාඩම බලමු.අද අපි හදන්නේ     බටර් අයිසිං.
උවමනා  ද්‍රව්‍ය
අයිසිං   සිනි  ග්‍රෑම් 225.
බටර් ග්‍රෑම්  225.
වර්ණ කාරක සහ රස කාරක .
පළමුවෙන්ම අයිසිං පෙනේරයකින් හොදින්  හලා  ගන්න.අයිසිං සීනි  සහ බටර් එකටම දමා  තරමක් ගනකමට එනතෙක්  තට්ටු කරන්න .දැන් රස කාරක සහ වර්ණ කාරක කවලම් කරගන්න. දැන් ඔබේ බටර් අයිසිං ඉතා හොදට සකස්වෙලා තියෙනවා නේද.
අද පදමටම මම ඔයාලට චොක්ලට් අයිසිං හදන විදියත් මම කියල දෙන්නම්.

චොක්ලට් අයිසිං.
උවමනා  ද්‍රව්‍ය .
අයිසිං   සිනි  ග්‍රෑම් 225.
චොක්ලට්  කුඩු අවුන්ස 02.
වැනිලා ස්පිරිත්තු  තේ  හැඳි 01.
වතුර මේස හැඳි  02.
බටර් මේස හැඳි  02.


සාදන ක්‍රමය .
 චොක්ලට්  කුඩු අවුන්ස 02. සමග අයිසිං   සිනි  ග්‍රෑම් 225. එකට පෙනේරයෙන් හල ගන්න.දැන් අනෙකුට් සියලුම ද්‍රව්‍ය එකට ටලපයක් සේ  මිශ්‍ර කරගන්න.දැන් ඔබේ චොක්ලට් අයිසිං හොදහැටි සකස් වෙලා නේද .


Friday, March 20, 2015

Wedding Cake

වෙඩින්  කේක්

උවමනා  ද්‍රව්‍ය .

රුලන්  ග්‍රෑම්  900.
සීනි     ග්‍රෑම් 1800.
මුදරස්පලම්  ග්‍රෑම් 900
කරන්ට්ස්  ග්‍රෑම් 450.වෙඩින්  කේක්
උවමනා  ද්‍රව්‍ය .
රුලන්  ග්‍රෑම්  900.
සීනි     ග්‍රෑම් 1800.
මුදරස්පලම්  ග්‍රෑම් 900
කරන්ට්ස්  ග්‍රෑම් 450.
චෙරි දෝසි ග්‍රෑම් 450.
චෞ චෞ ග්‍රෑම්  450.
රට කොට්ටන්  ග්‍රෑම් 450.
පිටි ග්‍රෑම් 225.
බටර්  ග්‍රෑම් 900.
සුල්තානා ග්‍රෑම් 900.
ඉඟුරු දෝසි ග්‍රෑම් 900.
පුහුල් දෝසි  ග්‍රෑම්  450.
බිත්තර  කහමද  50.
කැන්ඩිඩ්  පීල්  (මිශ්‍ර  ලෙලි ) දෝසි  ග්‍රෑම් 450.
බිත්තර සුදු මද  25.  
බ්‍රැන්ඩි ,රෝස වතුර කවලමට එකම ප්‍රමාණයෙන් වයින් වීදුරු එකක ප්‍රමාණය .
වැනිලා සහ රට කොට්ටන් ස්ප්රිට් එකම වර්ගයෙන් මේස හැඳී 2 ක් .
කරද මුන්ගු  සහ කුරුදු කුඩු මේස හැදී 1 බැගින් .
කරාබු නැටි කුඩු තේ හැඳි 1/2 .
සාදික්කා  ගෙඩියක සුරගත් කුඩු .
ආමන්ඩ්  සහ රෝයල් අයිසින් .
සාදන ක්‍රමය ,
ගෙඩි වර්ග  පිරිසිදු කරගන්න  ඉන් පසුව කුඩා කැබලි වලට කපා  ගන්න අනෙක් සියල්ල ද (දෝසි වර්ග ) කුඩා කැබලි වලට කපා   ගන්න.කජු මද සිහින්ව කපා  ගන්න . දැන් මේ සියල්ල පිටි සමග එකට මිශ්‍ර කරගන්න.බටර් සහ සීනි  වෙනමම බාජනයක උකු වෙනතුරු තට්ටු  කරන්න.දැන් බිත්තර කහමද එක බැගින් එයට දමමින් තට්ටු කරන්න.බිත්තර 50 අවසන් උනාට පසු රුලන්, කපාගත් ගෙඩි වර්ග සහ අනෙක් සියලුම ද්‍රව්‍ය ද කවලම් කර ගන්න.දැන් ඔබ ලග ඉතිරිව තිබෙන්නේ බ්‍රැන්ඩි,රෝස වතුර  සහ මී පැණි පමණි .එම වර්ග ද මෙයටම කවලම් කර පෙන නගින තෙක් තට්ටු  කර අවසානයේ බිත්තර සුදුමද 25 එකතු කර නැවත ටික වෙලාවක් තට්ටු කරන්න.දැන් ඔබේ වෙඩින්  කේක්  එක පෝරණුවට දමා හොදින් තම්බා  ගන්න .වඩාත් රස වත්  කේක්  සදහා සති 3 කට කලින් සදා ගන්න .මෙම වට්ටෝරුව අත්හදා  බලන්න .

ඔබට හොද ලාබ  ලබන්න  පුළුවන් .ලබන සතියේ අයිසින් හදන හැටි කියල දෙන්නම් .

Monday, March 9, 2015

Swiss Roll

 




ස්විස්  රෝල්
උවමනා  ද්‍රව්‍ය
බිත්තර     4
සීනි  ග්‍රෑම්  115.
ඇමරිකන් පිටි ග්‍රෑම්  115.
බෙකින්ග්  පව්ඩර්  තේ හැඳි  1/2.
රාස්බෙරි ජැම්. තේ හැඳි 2.


සාදන ක්‍රමය 
 
සීනි සහ බිත්තර කහමද පෙන   නගින තෙක්  හොදින්  තට්ටු කරන්න .ඉන් පසු පිටි සහ තට්ටු කරගත් බිත්තර සුදු මද හොඳින් කවලම් කරගන්න. පසුව පැතිලි තැටියක මෙම මිශ්‍රණය අගල් බාගයක් පමණ ගනකම තරමට තුනිහි  කර ගන්න .
තුනිහි කරන්නට පළමුවෙන් බෙකින් පවූඩර් මිශ්‍ර කරගන්න. උණුසුම් පෝරණුවක තම්බා  ගන්න. යන්තම් දුබුරු වර්ණය වෙනවිට පොරනුවෙන් ඉවතට ගන්න. වටේට තිබෙන වාටි  කපාගෙන කේක්  එක හැඩ  කරගන්න. දැන් කේක්  එකේ මතුපිට හොඳින් ජෑම්  අලේප කරගන්න. උණුසුම්ව තිබියදීම කේක් එක හොදින් රෝල් කරගන්න .ඔබට කැමති ජෑම් වර්ගයක් ආලේප කරගන්න .ලබන සතියෙත් අපි එනවා ඔබගේ නිවසට .කඩෙන් කේක් ගන්නේ මොනවටද .අපගේ වෙබ් පිටුව ඔබ වෙනුවෙන්


හැමදාම සුදානම් .

Monday, March 2, 2015

Lemon layer cake


ලෙමන් ලේයර් කේක්
ඉතා පහසුවෙන් සාදාගත හැකි රසවත් කේක් වර්ගයකි .
උවමනා ද්‍රව්‍ය .
* බිත්තර  8ක්  ගන්න.
* බිත්තර වල බරටම සීනි  කිරා  ගන්න .
* බිත්තර හතරක බරට පිටි කිරා  ගන්න .
* බේකින් පවූඩර් තේ හැදී  3/4 ක් ගන්න .
* දෙහි යුෂ  හෝ  එසන්ස්
* වොටර්  අයිසින් .

*පුරවන මිශ්‍රණය සදහා ,
බටර්  මේස හැදී 1 ක් ,  අයිසින්  සිනි මේස හැදී 3 ක් , සහ දෙහි යුෂ  හෝ  ලෙමන්  එසන්ස් .
*සාදන ක්‍රමය
බිත්තර කහමද සහ සීනි  විනාඩි කිහිපයක් තට්ටු කරන්න.සුදු මදයද හොදට පෙන එනතුරු හොදින් තට්ටූ  කරන්න .පිටි සහ සිනි ද බෙකින් පවූඩර්   පෙනේරයෙන් හලාගෙන මේ සියල්ල කහමද මිශ්‍රණයට ටික ටික මිශ්‍ර කරගන්න .ඊට පසුව දෙහි ලෙලි කුඩා කැබලි ටික ද මිශ්‍ර කරගන්න .දැන් මේ සියල්ල කේක්  තැටියට දමා පොරනුවේ තම්බා ගන්න.කුඩා  කේක් තැටියක් නම් .වඩාත් හොදයි .
කේක්  එක දැන් නිවෙන්න හරින්න .පසුව උස ප්‍රමාණය අනුව කේක්  එක පෙති තුන කට හෝ හතරකට කපාගන්න.එසේ කපා ගත් කේක්  පෙති වල පුරවන මිශ්‍රණය ආලේප කරන්න .දැන් එම කේක්  පෙති නැවත  එකඋඩ   එකතබා වොටර් අයිසිං  වලින් අලේප කරන්න.
*පුරවන මිශ්‍රණය සාධන ක්‍රමය
බටර් සහ සිනි කවලම් කර රස කාරක එකතු කර අලේප කරන්න.
දැන් හරිම රස ලෙමන් ලේයර් කේක්  එකක් ඔබගේ අමුත්තන් සමග රස විදින්න.
 *ලබන සතියෙත් වටිනා වට්ටෝරුවක් ඔබට ලබා දෙන්නම්. ඔබගේ මිතුරන් දනුවත් කරන්න.
*සෑම  ඉරිදා  දිනකම අපි එනවා .