ඇඹුල් තියල් (මාළු ඇඹුල් තියල් )
ඇඹුල් තියල් කෑවට හදන හැටි දන්නේ නැහැනේද .
එහෙනම් අද අපි මාළු ඇඹුල් තියල් හදමු.
උවමනා ද්‍රව්‍ය .
බල මාළු ග්‍රෑම් 450.
අඹර ගත් සුදු දුරු තේහැඳි 01.
අඹර ගත් ගොරක කැබලි 04.
අඹර ගත් ගම් මිරිස් තේ හැඳි 01.
ලුණු; කර පින්ච්ච ,සුදු ලුණු ,
සාදන ක්‍රමය .
වතුර අඬු කෝප්පයක් පමණ හට්ටියකට දමා අනෙක් ද්‍රව්‍ය සමග මිශ්‍ර කර මාළු කැබලි පිළිවෙලකට තබන්න .ලිප තබා ඉස්ම හිදෙනතෙක් තම්බන්න .වතුර මදි නම් තවත් ටිකක් එකතු කරන්න.අමු මිරිස් කරල් හතරක් පමණ දැම්මම රස වැඩිවේවි.
Friday, April 24, 2015
Saturday, April 18, 2015
මාබල් කේක්
උවමනා ද්‍රව්‍ය .
පිටි ග්‍රෑම් 225.
උවමනා ද්‍රව්‍ය .
පිටි ග්‍රෑම් 225.
පිටි සීනි ග්‍රෑම් 225.
බටර් ග්‍රෑම් 125
බිත්තර 06.
බේකින් පවුඩර් තේ හැඳි 1/2 .
චොක්ලට් (කුඩු කරගත් ).
වැනිලා සහ වර්ණ ගැන්වීම සඳහා පාට වර්ග 03 ක් පමණ .
.
සාදන ක්‍රමය .
බටර් සහ සීනි එකට කවලම් කර ගන්න. (කැට දියවෙන තරමට ).පිටි ටිකටික බිත්තර සමග දම කවලම් කර ගන්න .මේ මිශ්‍රණය කොටස් 04 කට බෙදා ගන්න. එක කොටසකට චොක්ලට් (කුඩු කරගත් ). වැඩියෙන් සහ අනෙක් කොටසට අඩු වෙන තරමට අලේප කර ගන්න .මෙසේ කරන විට වතුර සමග කවලම් කර අලේප කරන්න. අනෙක් කොටස් දෙකත් මේ විදියටම කැමති පාට දෙකකින් වර්ණ කරන්න එකක් තදට හා අනෙක අඩුවෙන් වර්ණ ගන්වන්න .දැන් මේ කොටස් දෙක එකිනෙක කේක් තැටියේ දමන්න .අනෙක් කොටස් දෙක දෙවර්ගයෙන් එක්වරකට එක හැන්ද බැගින් තැටියට දමා පොරනුවේ පුළුස්සා ගන්න .දැන් ඔබේ කේක් එක පාට පාට වර්ණයෙන් දකින්න පුළුවන් .
Friday, April 3, 2015
සිංහල අළුත් අවූරුද්ද
සිංහල අළුත් අවූරුද්දට අපි කිරි බත් හදමු .
උවමනා ද්‍රව්‍ය .
සුදු කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 01.
පොල් කිරි (මිටි කිරි) කෝප්ප 03.
වතුර මැද ඇඟිල්ලේ මැද පුරුක ප්‍රමානයට . රයිස් කුකර් එකෙන් නම් නියමිත ගණනට .
ලුණු ස්වල්පයක් .
සාදන ක්‍රමය .
හාල් සෝදා ගරා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා බත පිස ගන්න .ඉන් පසුව මිටිකිරි වලට ලුණු දමා හොඳින් කවලම් කර ගන්න. දැන් බත් මුට්ටිය වසා ලිප මත ටික වෙලාවක් තබන්න .දැන් කිරි බත ලිපෙන් බා සුදුසු පරිදි ලොකු බත් දීසියක දමා කෙසෙල් කොළයකින් හොඳින් තුනිහි කර කැමති දෙයක් සමග කෑමට ගන්න.
පැණි වළලු හදමු
උවමනා ද්‍රව්‍ය.
උදුපිටි ග්‍රෑම් 750.
හාල් පිටි ග්‍රෑම් 250.
ඉතා හොඳ කිතුල් පැණි කෝප්ප 03.
ලුණු තේ හැඳි 01. (අවශ්‍ය පමණට).
මිටි කිරි කෝප්ප 1/1/2
පොල්තෙල් උවමනා තරමට
කුඩා සිදුරක් සදා ගත් රෙදි කැබැල්ලක් (ගොරෝසු රෙදි කැබැල්ලක් ). නැතිනම් ඉන්දිඅප්ප වන්ගේඩියේ තහඩුව වෙනුවට සිදුරක් සදා ගත් තහඩුවක් සදා ගන්න.
සාදන ක්‍රමය .
සහල් පිටි සහ උඳු පිටි මිටිකිරි සමග ලුණු දමා මිශ්‍ර කර ගන්න.
අතේ ඇලෙන්නේ නැත්නම් පදම හරි .මේ මිශ්‍රණය පැය 6 ක් පමණ පිපෙන්න තබන්න.ඉදිඅප්ප වන්ගේඩියෙන් වැක්කෙරෙන ගානට මිශ්‍රණය පොල් කිරි දමා සකස් කර ගන්න. දැන් ඔබේ තෙල් තාච්චිය රත් වෙලානම්
ඉන්දිඅප්ප වන්ගේඩියෙන් මිශ්‍රණය කෙලින්ම තාච්චියට වක්කර ගන්න. මෙසේ තාච්චියට වක්කරන විට වළල්ලක හැඩයට වක්කරන්න මතක තබා ගන්න. .වෙනත් බාජනයක උණු කරගත් පැණි සමග බැදගත් වළලු හොඳින් කවලම් කර ගන්න .දැන් ඔබ සදාගත් පැණි වළලු අමුත්තන්ට පිළිගන්වන්න.

Friday, March 27, 2015
Icing
අයිසිං .
පසුගිය සතියේ මම කියුවා අයිසිං හදන හැටි උගන්නනවා කියල .අද අපි ඒ පාඩම බලමු.අද අපි හදන්නේ බටර් අයිසිං.
උවමනා ද්‍රව්‍ය
අයිසිං සිනි ග්‍රෑම් 225.
බටර් ග්‍රෑම් 225.
වර්ණ කාරක සහ රස කාරක .
පළමුවෙන්ම අයිසිං පෙනේරයකින් හොදින් හලා ගන්න.අයිසිං සීනි සහ බටර් එකටම දමා තරමක් ගනකමට එනතෙක් තට්ටු කරන්න .දැන් රස කාරක සහ වර්ණ කාරක කවලම් කරගන්න. දැන් ඔබේ බටර් අයිසිං ඉතා හොදට සකස්වෙලා තියෙනවා නේද.
අද පදමටම මම ඔයාලට චොක්ලට් අයිසිං හදන විදියත් මම කියල දෙන්නම්.
චොක්ලට් අයිසිං.
උවමනා ද්‍රව්‍ය .
අයිසිං සිනි ග්‍රෑම් 225.
චොක්ලට් කුඩු අවුන්ස 02.
වැනිලා ස්පිරිත්තු තේ හැඳි 01.
වතුර මේස හැඳි 02.
බටර් මේස හැඳි 02.
සාදන ක්‍රමය .
චොක්ලට් කුඩු අවුන්ස 02. සමග අයිසිං සිනි ග්‍රෑම් 225. එකට පෙනේරයෙන් හල ගන්න.දැන් අනෙකුට් සියලුම ද්‍රව්‍ය එකට ටලපයක් සේ මිශ්‍ර කරගන්න.දැන් ඔබේ චොක්ලට් අයිසිං හොදහැටි සකස් වෙලා නේද .

Friday, March 20, 2015
Wedding Cake
වෙඩින් කේක්
උවමනා ද්‍රව්‍ය .
රුලන් ග්‍රෑම් 900.
සීනි ග්‍රෑම් 1800.
මුදරස්පලම් ග්‍රෑම් 900
කරන්ට්ස් ග්‍රෑම් 450.වෙඩින් කේක්
උවමනා ද්‍රව්‍ය .
රුලන් ග්‍රෑම් 900.
සීනි ග්‍රෑම් 1800.
මුදරස්පලම් ග්‍රෑම් 900
කරන්ට්ස් ග්‍රෑම් 450.
චෙරි දෝසි ග්‍රෑම් 450.
චෞ චෞ ග්‍රෑම් 450.
රට කොට්ටන් ග්‍රෑම් 450.
පිටි ග්‍රෑම් 225.
බටර් ග්‍රෑම් 900.
සුල්තානා ග්‍රෑම් 900.
ඉඟුරු දෝසි ග්‍රෑම් 900.
පුහුල් දෝසි ග්‍රෑම් 450.
බිත්තර කහමද 50.
කැන්ඩිඩ් පීල් (මිශ්‍ර ලෙලි ) දෝසි ග්‍රෑම් 450.
බිත්තර සුදු මද 25.
බ්‍රැන්ඩි ,රෝස වතුර කවලමට එකම ප්‍රමාණයෙන් වයින් වීදුරු එකක ප්‍රමාණය .
වැනිලා සහ රට කොට්ටන් ස්ප්රිට් එකම වර්ගයෙන් මේස හැඳී 2 ක් .
කරද මුන්ගු සහ කුරුදු කුඩු මේස හැදී 1 බැගින් .
කරාබු නැටි කුඩු තේ හැඳි 1/2 .
සාදික්කා ගෙඩියක සුරගත් කුඩු .
ආමන්ඩ් සහ රෝයල් අයිසින් .
සාදන ක්‍රමය ,
ගෙඩි වර්ග පිරිසිදු කරගන්න ඉන් පසුව කුඩා කැබලි වලට කපා ගන්න අනෙක් සියල්ල ද (දෝසි වර්ග ) කුඩා කැබලි වලට කපා ගන්න.කජු මද සිහින්ව කපා ගන්න . දැන් මේ සියල්ල පිටි සමග එකට මිශ්‍ර කරගන්න.බටර් සහ සීනි වෙනමම බාජනයක උකු වෙනතුරු තට්ටු කරන්න.දැන් බිත්තර කහමද එක බැගින් එයට දමමින් තට්ටු කරන්න.බිත්තර 50 අවසන් උනාට පසු රුලන්, කපාගත් ගෙඩි වර්ග සහ අනෙක් සියලුම ද්‍රව්‍ය ද කවලම් කර ගන්න.දැන් ඔබ ලග ඉතිරිව තිබෙන්නේ බ්‍රැන්ඩි,රෝස වතුර සහ මී පැණි පමණි .එම වර්ග ද මෙයටම කවලම් කර පෙන නගින තෙක් තට්ටු කර අවසානයේ බිත්තර සුදුමද 25 එකතු කර නැවත ටික වෙලාවක් තට්ටු කරන්න.දැන් ඔබේ වෙඩින් කේක් එක පෝරණුවට දමා හොදින් තම්බා ගන්න .වඩාත් රස වත් කේක් සදහා සති 3 කට කලින් සදා ගන්න .මෙම වට්ටෝරුව අත්හදා බලන්න .
ඔබට හොද ලාබ ලබන්න පුළුවන් .ලබන සතියේ අයිසින් හදන හැටි කියල දෙන්නම් .
Monday, March 9, 2015
Swiss Roll
ස්විස් රෝල්
උවමනා ද්‍රව්‍ය
බිත්තර 4
සීනි ග්‍රෑම් 115.
ඇමරිකන් පිටි ග්‍රෑම් 115.
බෙකින්ග් පව්ඩර් තේ හැඳි 1/2.
රාස්බෙරි ජැම්. තේ හැඳි 2.
සාදන ක්‍රමය
සීනි සහ බිත්තර කහමද පෙන නගින තෙක් හොදින් තට්ටු කරන්න .ඉන් පසු පිටි සහ තට්ටු කරගත් බිත්තර සුදු මද හොඳින් කවලම් කරගන්න. පසුව පැතිලි තැටියක මෙම මිශ්‍රණය අගල් බාගයක් පමණ ගනකම තරමට තුනිහි කර ගන්න .
තුනිහි කරන්නට පළමුවෙන් බෙකින් පවූඩර් මිශ්‍ර කරගන්න. උණුසුම් පෝරණුවක තම්බා ගන්න. යන්තම් දුබුරු වර්ණය වෙනවිට පොරනුවෙන් ඉවතට ගන්න. වටේට තිබෙන වාටි කපාගෙන කේක් එක හැඩ කරගන්න. දැන් කේක් එකේ මතුපිට හොඳින් ජෑම් අලේප කරගන්න. උණුසුම්ව තිබියදීම කේක් එක හොදින් රෝල් කරගන්න .ඔබට කැමති ජෑම් වර්ගයක් ආලේප කරගන්න .ලබන සතියෙත් අපි එනවා ඔබගේ නිවසට .කඩෙන් කේක් ගන්නේ මොනවටද .අපගේ වෙබ් පිටුව ඔබ වෙනුවෙන්
හැමදාම සුදානම් .
Monday, March 2, 2015
Lemon layer cake
ලෙමන් ලේයර් කේක්
ඉතා පහසුවෙන් සාදාගත හැකි රසවත් කේක් වර්ගයකි .
උවමනා ද්‍රව්‍ය .
* බිත්තර 8ක් ගන්න.
* බිත්තර වල බරටම සීනි කිරා ගන්න .
* බිත්තර හතරක බරට පිටි කිරා ගන්න .
* බේකින් පවූඩර් තේ හැදී 3/4 ක් ගන්න .
* දෙහි යුෂ හෝ එසන්ස්
* වොටර් අයිසින් .
*පුරවන මිශ්‍රණය සදහා ,
බටර් මේස හැදී 1 ක් , අයිසින් සිනි මේස හැදී 3 ක් , සහ දෙහි යුෂ හෝ ලෙමන් එසන්ස් .
*සාදන ක්‍රමය
බිත්තර කහමද සහ සීනි විනාඩි කිහිපයක් තට්ටු කරන්න.සුදු මදයද හොදට පෙන එනතුරු හොදින් තට්ටූ කරන්න .පිටි සහ සිනි ද බෙකින් පවූඩර් පෙනේරයෙන් හලාගෙන මේ සියල්ල කහමද මිශ්‍රණයට ටික ටික මිශ්‍ර කරගන්න .ඊට පසුව දෙහි ලෙලි කුඩා කැබලි ටික ද මිශ්‍ර කරගන්න .දැන් මේ සියල්ල කේක් තැටියට දමා පොරනුවේ තම්බා ගන්න.කුඩා කේක් තැටියක් නම් .වඩාත් හොදයි .
කේක් එක දැන් නිවෙන්න හරින්න .පසුව උස ප්‍රමාණය අනුව කේක් එක පෙති තුන කට හෝ හතරකට කපාගන්න.එසේ කපා ගත් කේක් පෙති වල පුරවන මිශ්‍රණය ආලේප කරන්න .දැන් එම කේක් පෙති නැවත එකඋඩ එකතබා වොටර් අයිසිං වලින් අලේප කරන්න.
*පුරවන මිශ්‍රණය සාධන ක්‍රමය
බටර් සහ සිනි කවලම් කර රස කාරක එකතු කර අලේප කරන්න.
දැන් හරිම රස ලෙමන් ලේයර් කේක් එකක් ඔබගේ අමුත්තන් සමග රස විදින්න.
*ලබන සතියෙත් වටිනා වට්ටෝරුවක් ඔබට ලබා දෙන්නම්. ඔබගේ මිතුරන් දනුවත් කරන්න.
*සෑම ඉරිදා දිනකම අපි එනවා .
Sunday, February 22, 2015
Cheese Cake
චීස් කේක් (Cheese Cake)
චීස් කේක්
උවමනා ද්‍රව්‍ය
* චීස් ග්‍රෑම් 225
* බටර් ග්‍රෑම් 30
* සිනි ග්‍රෑම් 30
* පිටි ග්‍රෑම් 30
* සුල්තාන (මුදරස් පාලම් ) ග්‍රෑම් 30
* දෙහි ඇඹුල් ස්වල්පයක්
* බිත්තර 1
සාදන ක්‍රමය.
බටර් සහ සිනි එකට ගසා ගන්න.බිත්තර කහ මදය, පිටි, කුඩාවට කපන ලද චීස් ද මුදරස් පාලම් එයටම කවලම් කරගන්න.සියල්ල එකට හොඳින් අනන්න .දැන් දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්න. හොදින් ගසාගත් බිත්තර සුදු මදයද එයටම එකතු කර ගන්න. කුඩා තැටි වලට පුරවා ගෙන පොරනුවේ තම්ම්බා ගන්න .රසවත් කේක් වර්ගයකි.කාල බලන්න .
Thursday, February 19, 2015
Chocolate Layer Cake
චොක්ලට් ලේයර් කේක්
උවමනා ද්‍රව්‍ය.
* පිටි ග්‍රෑම් 112
* කුඩු ග්‍රෑම් 112
* තේ හැඳි 1
* පිටි සීනි ග්‍රෑම් 225
* බිත්තර 06
* වැනිලා සහ එසෙන්ස් තේ හැඳි 2.
* (බටර් මේස හැඳි 1ක් සහ පිටි සිනි හැඳි 3 පිරවීම සඳහා )
සාදන ක්‍රමය
බිත්තර කහමද සහ සිනි එකට තට්ටු කර පසුව චොක්ලට් සහ එසෙන්ස් මිශ්‍ර කර තවත් විනාඩි කිහිපයක් තට්ටු කරන්න. සුදු මදද පෙන නගින තුරු වෙනම තට්ටු කරන්න. ඉන් ස්වල්පයක් හා පිටි ස්වල්පයක් බැගින් අවසන් වන තුරු පළමු මිශ්‍රණයට එකතු කරන්න. දැන් බේකින්ග් පවුඩර් ද මිශ්‍ර කරන්න. දැන් අවන් එකේ තම්බා ගන්න. පසුව පොරනුවෙන් ගෙන කේක් එක එහි උසේ ප්‍රමාණයට අනුව පෙති 3 කට හෝ 4 කට කපන්න.
පුරවන ද්‍රව්‍ය මිශ්‍රණය එක එක පෙත්තේ අතුරා නැවත තිබුන පරිදිම එකමත එක තියන්න. දැන් කේක් එක වටේටම චොක්ලට් අයිසින් අලේප කර අලංකාර කරගන්න.
මිශ්‍ර කිරීමේදී බටර් සහ සිනි එකට තට්ටු කර වැනිලා සහ කොච්ච් නිල් යොදා වර්ණ කර ගන්න.
චොක්ලට් අයිසින් සාදාගන්න උවමනා ද්‍රව්‍ය
* අයිසින් සිනි ග්‍රෑම් 225
* රෝස වතුර, වැනිලා තේ හැඳි 1/2
* චොක්ලට් කුඩු අවුන්ස 2
* වතූර මේස හැඳි 2
REG<SPACE>cookerypanthiya Send to 77008

Subscribe to:
Posts (Atom)